Home Headlines බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත ගණන 30000 පනී

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත ගණන 30000 පනී

ඊයේ (29 වැනිදා) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් 306 දෙනාද සමග බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත කොවිඩ්- 19 ආසාදිතයින් ගණන 30,431ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 17,977කි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9,095 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3, 359දෙනෙකු වාර්තා වී තිබේ.

Exit mobile version