Home Headlines Coronavirus කොවිඩ් එන්නතේ අතුරු ආබාධවලට ඕස්ට්‍ර්ලියාව ජනතාව අලුත් සටනක

කොවිඩ් එන්නතේ අතුරු ආබාධවලට ඕස්ට්‍ර්ලියාව ජනතාව අලුත් සටනක

ලොව පුරා ශීග්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගතයට විසඳුමක් ලෙස පැමිණි එක් එක් එන්නත්වලින් සිදුවන අතුරු ආබාධ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවලද මාර්තෘකාවට බඳුන්ව තිබේ. ඒ අනුව ඕස්ට්‍ර්ලියා ජනතාවට අදාළ එන්නතෙන් සිදුවු අතුරු ආබාධ වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ සටනක ඔවුන් නිරතව සිටියි.
මේ වන විට වාර්තා වන පරිදි ඕස්ට්‍ර්ලියා ජනතාවගෙන් දස දහසකට අධික සංඛ්‍යාවකට අදාළ එන්නතෙන් පසුව විවිධ අතුරු ආබාධ පැමිණ ඇතැයි තහවුරු වී ඇත. කෙසේ වෙතත් එන්නත ලබාගැනීමෙන් පසුව සිදුවන අතුරු ආබාධ සඳහා පැමිණිලි කිරීමට ඔන් ලයින් ඔස්සේ ක්‍රමයක් සකස් කිරීමට ඔස්ටේ්‍රලියානු රජය කටයුතු යොදා ඇත.
කෙසේ වෙතත් කෝවිඩ් එන්නතෙන් අතුරු ආබාධ ඇතිවූ පුද්ගලයකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50000 ක වන්දියක් ගෙවීමට එරට රජය පියවර ගෙන ඇත.

Exit mobile version