Home Headlines කොළඹ බස් රථ මංතීරු ක්‍රියාත්මක නීතියේ තුන්වන අදියර හෙට සිට

කොළඹ බස් රථ මංතීරු ක්‍රියාත්මක නීතියේ තුන්වන අදියර හෙට සිට

විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පසුගියදා ආරම්භ කෙරුනු අතර එහි තුන් වැනි අදියර හෙට (29 වැනිදා) සිට ආරම්භ කෙරේ. ඒ අනුව හෙට සිට ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා බස් රථ මංතීරු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියා සිටී.
මෙහි පළමු අදියර මොරටුව සිට කොළඹ කොටුව දක්වා සහ දෙවන අදියර බොරැල්ල සිට කොළඹ කොටුව දක්වාත් මේ වන විට ක්‍රියාත්මක වේ.
බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවන්වලදී එම මංතීරුව තුළ පුද්ගලික සහ ලංගම බස් රථ, ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස්රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවලට පමණක් එය භාවිත කළ හැකිය.

Exit mobile version