Home Headlines දුර ගමන් සේවා බස් රථවලට කොළඹ තහනම්

දුර ගමන් සේවා බස් රථවලට කොළඹ තහනම්

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Exit mobile version