Home Headlines පාතාල සාමාජික අංගොඩ ලොක්කා මියගිය පුවත සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹයි

පාතාල සාමාජික අංගොඩ ලොක්කා මියගිය පුවත සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹයි

අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි සාමාජිකයා ඉන්දියාවේදී මියගිය ගොස් ඇති බවට පළවන වාර්තාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බව පොලිස් මූලස්ථානය පවසයි. පුද්ගල ඝාතන, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලබා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ”‍අංගොඩ ලොක්කා”‍ නමැත්තා ඉන්දියාවේදී මියගොස් ඇති බවට පළවන වාර්තා පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද (23 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

Exit mobile version