Home Headlines මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7875ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7875ක් දක්වා ඉහළට

ඊයේ (25 වැනිදා) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 351 දෙනා සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 7875ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට සමස්ථ ආසාදිතයින්ගෙන් 3803 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 4057 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.
මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ථය අද උදෑසන වනවිට 4400 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 3359 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ.
තවද ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 2ත් සමග මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version