සුරාසැල් විවෘත කරන වේලාවේ වෙනසක්

හෙට (09) සිට ක්‍රියත්මක වන පරිදි දිවයිනේ සියලු සුරාසැල් විවෘත කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

මුදල්, ආර් තික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරාබදු ආඥාපනත යටතේ ඇති බලතල අනුව මේ සඳහා අවසර දුන්නේ ය.

මේ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර සහිත ස්ථාන උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතයි.

බලපත්‍ර ක්‍රමය අනුව හෝටල් සඳහා පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වාත් ඇතැම් ඒවා අලුයම 2.00 දක්වා විවිධ කාල රාමු කාණ්ඩ යටතේ විවෘතව තැබීමට අවසර ලබා දී තිබේ.

තවද රට බීම තැබැරුම් බලපත්‍ර හිමි ස්ථාන විවෘතව තැබෙන්නේ පෙරවරු 10.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණි.