නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරන්නේ නැහැ – ලංවිම

නඩත්තු කටයුතු අවසන් වුවත්, නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට කඩිනමින් එක් කරන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, ජල විදුලි උත්පාදනය අවශය මට්ටමින් ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගත් බවයි. මේ වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව 97.7% දක්වා ඉහළ ගොස් තිබේ.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක්කරන්නේ නම් ඒ සඳහා භාවිත වන ගල් අඟුරු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඕනෑම අවස්ථාවක ජාතික පද්ධතියට එක් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.