මහින්ද, ගෝඨාභය හා බැසිල් ගේ වැරදි තීරණ ආර්-තික අර් බුදය ට හේතු වුනා – ශ්‍රේෂ්ඨාධිකරණය

2019 සිට  2022 යන කාල සමය තුල මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ගේ වැරදි ආර්-තික කළමනාකරණ තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර් දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කරේය. කෙසේ වෙතත් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ, ප්‍රියන්ත ජයවර්ධන මහතා එම තීන්දුවට විරුද්ධ වී තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ සෙසු වග උත්තරකරුවන් වන්නේ හිටපු ජනාධිපති ලේකම්, පී. බී ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මහ බැංකු අධිපතිවරයකු වන මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂමන්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්.ආටිගල යන මහත්වරුන් ය.

පෙත්සම්කරුවන් පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ව්‍යාපාරිකයන්ට ප්‍රදානය කළ රුපියල් බිලියන 681 ක බදු සහනය, රටේ පවතින වත්මන් ආර් තික අර්බුදය නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.

මීට අමතරව ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය, විදේශ විනිමය හිඟයක් තිබියදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැදුම්කර ආපසු ගෙවීම ඇතුළු, වැරදි ආර් තික කළමනාකරණ තීන්දු කිහිපයක්ම පෙත්සම් කරුවන් විසින් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම් සලකා බැලීමෙන් පසුව පෙත්සම්කරුවන්ට රු. 150,000 බැගින් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.