තුර්-කිය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අරඹයි

තුර්-කිය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අද ආරම්භ වුණා

එහි ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තුර්කි ගුවන් සේවයට අයත් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.

එහි සිටි මගීන් ගණන 261ක්.

වසර 10 ක පමණ කාලයක සිට තුර්-කි ගුවන් සේවය කටුනායක බලා ගුවන් ගමන් ක්‍රියාත්මක කර තිබුණේ, මාලදිවයින හරහායි.

තුර්-කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක දක්වා සෘජු ගුවන් ගමන් සඳහා වැය වන කාලය, පැය 8 ක්.

අදාළ ගුවන් යානා සඳුදා, අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින වල උදෑසන 05.40 ට තුර්-කියේ සිට කටුනායක බලා ගමන් ආරම්භ වනවා.

යළි එම ගුවන් යානා උදෑසන 7.40 ට තුර්-කිය බලා පිටත්ව යාමට නියමිතයි.