අල්ලස් කොමිසම ඇවන්ගාඩ් නඩුව ඉවත් කර ගනී, නිශ්ශංක සේනාධිපති නිදහස්

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අල්ලස් නඩුවෙන් නිදහස් කර තිබේ.

සේනාධිපති මහතා නිදහස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ පිළිබඳව ගොනුකර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

එම චෝදනා එල්ල වී තිබූ විශ‍්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා ද එම නඩුවෙන් නිදහස් කර තිබේ.