ආර්ථික අමාත්‍යංශයට රු. ලක්‍ෂ 39ක මාසික කුලියකට තට්ටු දෙකක්

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් 39 ලක්ෂය බැගින් වූ මාසික කුලියකට ගොඩනැඟිල්ලක මහල් දෙකක් ලබා ගැනීමට යෝජනා වී ඇත.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹ-10 ටී.බී. ජයා මාවත පිහිටි ගොඩනැගිල්ලක මහල් දෙකක් කුලී පදනම මත ලබා ගැනීමටයි.

අදාල කුලී මුදල බදු රහිත මිල වන අතර කුලී මුදලින් මාස තුනක අත්තිකාරම් ගෙවීමට ද යෝජනා වී තිබේ.

දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ රාජ්‍ය අමාත්‍යාංශය දෙකක් ස්ථාපිත කර ඇත.