එහෙ මෙහෙ කියවන්නෙ නැතුව එකට ඉන්න බැරි නම් යන්න – නාමල් ශ්‍රිලනිපයට කියයි

යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හරියන්නේ නැත්නම්, තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වා සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව අතර ඇති මත ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කර සිටි අතර , ජනතාව ඔවුන්ට ද ඡන්දය ලබාදුන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බවත් ඒ අය ඉල්ලන්නේ, වෙන ප්‍රතිපත්ති නම් තැන් තැන්වල කියවන්නේ නැතුව පක්ෂ නායක රැස්වීමේ දී ඒ බව පවසා ගෞරවාන්විතව ආණ්ඩුවෙන් එළියට ගියා නම් හොඳ යැයිද වැඩිදුරටත් පවසා ඇත.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම් බවද එහිදී පැවැසූ ක්‍රීඩා ඇමැතිවරයා ,
“ජනතාව එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඡන්දය දුන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නයි. අපේ කැබිනට් මණ්ඩලයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඇමැතිවරු නියෝජනය කරනවා. ඔවුන්ගෙ රාජ්‍ය අමාත්‍යවරු මේ ආණ්ඩුව නියෝජනය කරනවා. ඔවුන් හිතනවා නම් ආණ්ඩුව ගන්න යම් යම් තීන්දු තීරණවලට ඒ අය වගකිව යුතු නෑ අනිත් පක්ෂ වල මැති ඇමැතිවරු විතරයි වගකියන්න ඕනේ කියලා, එහෙම වෙන්න බැහැ. මේ ආණ්ඩුවේ හැම තීරණයකටම සන්ධානය වගකියන්න ඕන වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකියන්න ඕන. ආණ්ඩුවක් විදියට සාමුහික වගකීමක් මේ කාට කාටත් තියෙන බව අමතක නොකළ යුතුයි“ යනුවෙන් පවසා ඇත.