Friday, March 29, 2024
Home Headlines කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට සංශෝධන ගේන්න ජනපති සූදානම් – සම කැබිනට්...

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනතට සංශෝධන ගේන්න ජනපති සූදානම් – සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කොතලාවල පනතට හවුල්කාර පක්ෂවල සහය ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මීට අමතරව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය 2007 වසරේ පිහිටුවූ බව කී ඇමතිවරයා ඊට අදාළව ඇති පනත් කෙටුම්පත් සියල්ල එක්කර එක් පනතක් කිරීම මෙම නව පනත මගින් සිදුවන බවත් ඒ ගැන ඉතා ඵලදායී හා විධිමත් සාකච්ඡාවක් සිදුවන බවත් ප්‍රකාශ කළේය.