චන්දිමාල්ට ජාතික කණ්ඩායමේ දොර විවෘතයි – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

දිනේෂ් චන්දිමාල්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොර තවමත් විවෘත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියට චන්දිමාල් ඇතුළත්ව සිටින බවත් එම තරගාවලියේදී දස්කම් දැක්වුවහොත් නැවත කණ්ඩායමට පැමිණිය හැකි බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා කියයි.

දිනේෂ් චන්දිමාල් අද (20දා) පස්වරුවේ තේරීම් කමිටු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සාකච්ඡාවකට සහභාගි විය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ තේරීම් කමිටු සාමාජික රොමේෂ් කඵවිතාරණ යන මහත්වරු ද සහභාගි වූහ.