නාවික හමුදාපති අලුත් වෙයි

අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15 වැනිදා) නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර ඒ අනුව නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.
අද්මිරාල් පියල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අතර ඔහු වසර 36ක සේවා කාලයක් නිමකරමින් අද සිය ධුරයෙන් විශ්‍රාම ගැණෙන බව සඳහන් වේ.