යුද හමුදා සෙන්පතිවරුන්ගේ විසසයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව නොදර්න් වොරියර්ස්ට

යුද හමුදා සෙන්පතිවරුන්ගේ විසසයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ (Army Commanders league) ශූරතාව දිනා ගැනීමට සීක්කුගේ ප්‍රසන්න නායකත්වය ලබාදුන් ‘නොදර්න් වොරියර්ස්’ කණ්ඩායම සමත්විය. ඒ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ‘වෙස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායම ලකුණු 64කින් පරදවමිනි. අවසන් මහා තරගය දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේදී පසුගියදා (06දා) නිමාවට පත්විය.

ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය ‘වෙස්ටර්න් වොරියර්ස්’ කණ්ඩායමට පන්දුවාර 16.1ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 78ක් පමණි.

මෙම තරගාවලියට යුද හමුදාව නියෝජනය කරන ජාතික තලයේ සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගී වුහ.

ඡායාරූපය – ‘ද පපරේ’