විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් පනත් කෙටුම්පතක් ගැසට් කරයි

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට්කර තිබේ. එහෙත් එම පනත් කෙටුම්පත සම්මතවීමට ඉඩ නොතබන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජාතික ජනබලවේගය අවධාරණය කරයි.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් පසුගිය 20 වනදා ගැසට්කර තිබුණි. එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන  තැනැත්තන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකිය යන්න දක්වා තිබේ.

ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක්ද පැවැත්වුණි.

එහිදී ඔහු පැවසුවේ,“රජය දැන් අලුත් පනතක් ගෙනවිත් තිබෙනවා. ඒ පනත ගෙනල්ලා තියෙන්නේ කිසිසේම තමන් ගෙනාව කොතලාවල විශ්වවිද්‍යාල හා පාසල් සම්බන්ධ පනත වෙනස් කිරිමට නොවේ. ඔවුන් කරලා තියෙන්නේ, විශ්වවිද්‍යාල පනත වෙනස් කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ ගැසට් කරන පනතින් කරලා තියෙන්නේ. පොදුවේ මුදල් අයකරන විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතියක් වන යෝජනාව කිසිම ලෙසකින් ආපසු හරවාගෙන නැහැ. පාසල් හා ආයතන පද්ධතියක් බිහිකරනවා.” යනුවෙනි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමග පෞද්ගලික විශ්වවිද්‍යාල අනුබද්ධ නොකරන බවය.