ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රීඩකයින් තේරීම වෙනුවෙන් රු. ලක්ෂ 30ක සල්ලි මල්ලක්

නිමාව දුටු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් තිදෙනෙකුට රු. ලක්ෂ 10 බැගින් (රු. මිලියනය බැගින්) රු. ලක්ෂ 30ක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව එම රු. ලක්ෂ 10 බැගින් හිමි වනුයේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, සාමාජික රොමේෂ් කලුවිතාරණ සහ සාමාජික හේමන්ත වික්‍රමරත්න යන අයටයි.
ශ්‍රී ලංකාව 1996 එක්දින ලෝක කුසලානය සහ 2014 විස්සයි20 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ පවා මේ ආකාරයේ විශාල මුදලක් තේරීම් කමිටුවට ලබාදී නොතිබුණු අතර, මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.
රු. ලක්ෂ 30ක දීමනාව තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනාට ලබාදී ඇත්තේ ඔවුනට ලබාදෙන මාසික දීමනාවට අමතරව වීම සුවිශේෂිය.