හිරුනිකාට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජූලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණය අද (17 දා) නොතීසි නිකුත් කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මෙසේ නොතීසි නිකුත් කර ඇත. අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු චම්පා රාජරත්න විසින් අද දිනම සිතාසි නිකුත් කිරිමට පියවර ගෙන තිබේ.