විදුලිය, දුම්රිය සහ තැපැල් අද අඩපන වෙයි

අද දිනයේ දියත් කරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා විදුලි සේවකයින්, දුම්රිය සේවකයින් සහ
තැපැල් සේවකයින් එක්වන බව වාර්තා වෙනවා. අද දිනයේ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන
බවයි විදුලි සේවකයින් පවසන්නේ . විදුලි වෘත්තිය සමිති 14 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන
සේවකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බවද ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික
ඉංජිනේරු හා අධිකාරී සංගමය වැඩිදුරටත් පවසයි.

මෙසේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන්
අද (14) දිනයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන අතර ඒ අනුව අද
දිනයේ ධාවනය වන දුම්රියන්ට වේග සීමා පිළිබඳ නියෝග ලබාදීමෙන් වැළකී සිටින බවත් එම සංගමයේ
සභාපති සුමේධ සෝමරත්න පවසා තිබේ.

එසේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණේ ඉල්ලීම් කිහිපයක් මුල් කර
ගනිමින් ලබන 26 වනදා සිට තම රාජකාරීවලින් ඉවත් වීමටයි.