ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෝ 243 දෙනෙක් ආපසු යති

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රට වසා දැමීම මත ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 243 දෙනෙකු, ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (22 වැනාද) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාව බලා පිටත් විය. මෙම ඉන්දීය ජාතිකයන් පිරිස ශ්‍රී ලංකාවේ රැකියා සඳහා පැමිණ සිටි කම්කරුවන් සහ මෙරට සංචාරක කටයුතු සඳහා පැමිණ සිටි අය බැව් ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පැවසීය.