මහර බන්ධනාගාරයේ කළහකාරී සිදුවීමෙන් 8 දෙනෙකු මරුට

මහර බන්ධනාගාරයේ ඊයේ (29 වැනිදා) ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිදුවීම පාලනයට මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.