කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස 3කට වඩා වසා දැමුණු සියලු පාසල් හෙට (29 වැනිදා) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පාසල් විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකෙරේ. ඒ අනුව විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙට සියලුම පාසල් විවෘත කෙරෙන අතර ළමුන් වෙනුවෙන් පාසල් විවෘත කිරීම ලබන 06 වැනිදා සිට සිදු කෙරේ.





