නව වැනි පාර්ලිමේන්තුවේ නව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා රැස්වීම අද පෙරවරු 9.30ට ආරම්භ විය. ඒ අනුව එහිදී නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් මහින්ද යාපා අබේගුණවර්ධන මහතා ඒකමතිකව තේරී පත්විය.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානවයක ධුරය සඳහා මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ නව යෝජනා කළ අතර සමගි ජනබලවේග පක්ෂයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම යෝජනාව ස්ථිර කළේය.