Friday, January 16, 2026
Home Headlines අධික තදබදයට පිළියමක් ලෙස නව දුම්රිය ගමන්වාර දෙකක්

අධික තදබදයට පිළියමක් ලෙස නව දුම්රිය ගමන්වාර දෙකක්

අධික තදබදයට පිළියමක් ලෙස ප්‍රධාන මාර්ගය සඳහා නව දුම්රිය ගමන් වාර දෙකක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය පස්වරු 5.40ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා මන්දගාමී දුම්රියක් සහ රාත්‍රී 7.00ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා සීඝ්‍රගාමී දුම්රියක් මෙලෙස ධාවනය කෙරේ.

මෙම සීඝ්‍රගාමී දුම්රිය වේයන්ගොඩ, ගම්පහ, ගණේමුල්ල, රාගම හන්දිය, හුණුපිටිය, කැලණිය, දෙමටගොඩ, මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල නවත්වන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම දුම්රිය ධාවනය නොවේ.