මහින්දගෙන් දරුපල නැතිව ළතැවෙන පවුල් සදහා විසදුමක්

දරුවන් නොමැතිව ළතැවෙන පවුල් සඳහා නවීන තාක්ෂනික ක්‍රම අනුව නල දරුවන් ලබා ගැනීමේ තාක්ෂණය රජයේ රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (11)හලාවත පැවැති ජනහමුව අමතමිනි.

ස්භාවික හෝ විවිධ පාරිසරික තත්ත්වයන් හේතුවෙන සමාජයේ දරුපල නොමැති පවුල් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.

ඇති හැකි අය විදේශ රටවලට ගොස් හෝ නල තාක්ෂණය ඔස්සේ තමන්ගේම දරුවෙක් හිමිකර ගන්නා නමුත් නැතිබැරි බොහෝ පිරිස් දරුවන් නොමැතිව ලතැවෙන බවද ඒ මහතා පැවසීය.

නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවකුගේ සුරතල් බැලීමේ හැකියාව තිබියදිත් නැතිබැරිකම හේතුවෙන් දරු සුරතල් බැලීමේ හැකියාව අහිමිව පීඩා විදින්නේ නම් රජයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයිය යුතුව ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ අනුව නව රජයක් බලයට පත්වීමෙන් පසුව නල දරු උපත් තාක්ෂණය රජයේ රෝහල්වලට හදුන්වාදී, රෝහල් කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීම්ද සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.