පොලිස් නිලධාරීන් යටකර ටිපර් රථයක් පලා යයි

හක්මන – කෝංගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඊයේ (13 වැනිදා) රාත්‍රියේදී ටිපර් රථයකින් යටකර පලා ගොස් තිබේ. ඒ අනුව එහි සිටි එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් නිලධාරියා බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.