මාමලාගේ කරෙන් ආ අලි පැංචා…

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීහු පිරිසක් කිලෝමීටර් තුනක් දුර කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලට බාර දුන්හ.

දින හතක් පමණ වයසැති එම අලි පැටියා අතරමංව සිටියදී ගම්වාසීන් දැක වැලිකන්ද වනජීවීන් නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ගොස් අලි පැටියා මාරුවෙන් මාරුවට කරේ තබාගෙන වාහනේ තිබෙන ස්ථානයට රැගෙන විත් ඇත