ශ‍්‍රීලනිප අපේක්ෂකයන් මෛත‍්‍රී වෙනුවට මහින්ද තෝරා ගනියි

එළැඹෙන මහා මැතිවරණයේදී පොහොට්ටුවෙන් සන්ධානගතව තරග කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ දෙනා එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රුව වෙනුවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යොදා ගැනීමට ඒකමතිකව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසම මගින් ඊයේ (09 දා* මනාප අංක ප‍්‍රදර්ශණය කිරීමෙන් පසුව රැුස්වු ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මෙවර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.
ඒ අනූව අදාළ අපේක්ෂකයන් පොහොට්ටුව ලකුණ සමග ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සමග තරග දැන්වීම් ප‍්‍රචාරය කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.