අංගොඩ ලොක්කාගේ සගයට වැඩ වරදී

විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගිය (04) දා මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මල්ගම පාර, මුල්ලේරියාව නව නගරය ලිපිනයේ පදිංචි ගලගොඩ ආරච්චිගේ අරුණ සමීර යන අයයි.

සැකකරු අද (05) අලුත්කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.