නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන්ට විරොධය

මීලග පොලිස්පති පත් කිරීමේදී නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ‍යන දෙදෙනාගේ නම් සලකා නොබලන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මීලග පොලිස්පති පත් කිරීමේදී නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් ‍යන දෙදෙනාගේ නම් සලකා නොබලන ලෙසට වූ ඉල්ලීමක් සිවිල් සංවිධාන, දේශපාලන කංඩායම් හා සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වෙත ඊයේ දිනයේදි යොමුකරන ලදි.