ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය සත්කාරක ඉන්දියාව ලකුණු 243කින් ජය ගත්තේ ය. 

කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 326ක් රැස් කරා.

සුපිරි ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වැඩිම ශතකලාභියාගේ වාර්තාව සම කිරීමට සමත් වූ විරාත් කෝලි නොදැවී ලකුණු 101 ක් රැස් කරේය. ශ්‍රෙයාස් අයියර් ලකුණු 77කුත්, රෝහිත් ශර්මා ලකුණු 40කුත් ඉන්දියාව වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

ලකුණු 326 ක දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 27යි පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුනු 83 පමණි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33ට කඩුළු 5ක් බිද හෙළුවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් ද්විත්වයම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන තහවුරු කරගෙන අවසන් ය.