අනුලා රත්නායක මහත්මියගේ දේහය ඥාතීන්ට භාරදෙයි

ඊශ්‍රායලයේදී ජීවිතය පූජා කළ අනුලා රත්නායක මහත්මියගේ දේහය ඥාතීන්ට භාරදෙයි

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම්වල⁣ට මැදිව ඊශ්‍රායලයේදී මිය ගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

මීගමුව රෝහලේ දී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඥාතීන්ට ඇයගේ දේහය භාරදීමට කටයුතු කර ඇත.

මේ අතර ඊශ්‍රායල රජයෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඇය වෙනුවෙන් ඇයගේ පවුල වෙත වන්දි මුදල් පිරිනැමීමට ද නියමිතයි.

අනුලා රත්නායක මහත්මියගේ දේහය ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.