දැදුරු ඔය ආශ්‍රිත ගංවතුර තත්ත්වයක්

දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම් වල සුළු ගංවතුර තත්ත්වයක්

දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම් වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව හා රස්නායකපුර ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.