ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි 

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(30) පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.