අයවැය කථාව 2024 – සවිමත් අනාගතයට පෙරවදනක්

බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන්වහන්සේ සමජීවිකතා ගැන දේශනා කළේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ. අය වැය සමසේ සකස් කර ගැනීම ගැන තමයි, සමජීවිකතා ඔස්සේ අපට කියලා දෙන්නේ.

අඩු ආදායමක් ලබමින් ලබමින්, සාටෝප උදාර ජීවිතයක් ගත කිරීම වැරදි බවත් බවත්, සැබෑ අවබෝධයක් ඇත්තා අය වැය සමව ගෙන ජීවිකාව හැඩ ගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දෙනවා.

වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසින් පසු අවුරුදු 75 ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නෑ. මම මෙහෙම කිව්වාම
මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩු විතරක් නෙවෙයි. මේ රටේ අපි හැමෝම ඒ වැරැද්ද කළා

මුලු කතාව කියවන්න: Budget Speech 2024