අරවින්ද ද සිල්වාට ICC යේ ඉහළම ගෞරව නාමය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් පිරිනමන  Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබී ය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා ටෙස්ට් තරග 93කදී ලකුණු 6361 ක් ද, එක්දින තරග 308කදී ලකුණු 9284 ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කරගෙන තිබේ.

1996 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාවට දිනා දීමට අගනා සේවයක් ඉටු කර අරවින්ද ද සිල්වා මෙලෙස පිදුම් ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ඉහළම  ගෞරව නාමයෙන්‍ය.