මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරේ 

පසුගිය 10 වැනිදා සභාපතිවරයා ඇතුළු තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  අත්අඩංගුවට ගත්තේ රුපියල් ලක්ෂ 100 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදියි.

පැමිණිලිකරුට අනුව දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය ලබා දෙන, පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරිම වෙනුවෙන් අධිකාරියේ සභාපතිවරයා මෙලෙස පැමිණිලිකරුගෙන් අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කර තිබේ.

අල්ලස් කොමිසමට අනුව, අතරමැදියන් දෙදෙනෙකු මගින් එම මුදල ලබා ගැනීමේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාත් සැකකාර අනික් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන තිබේ.