ත්‍රිකුණාමලයට සුළු භූ කම්පනයක්

ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් වාර් තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයට අනුව අද (12) පස්වරු 1.15 ට පමණ හට ගත් මෙම භූ කම්පනයේ  ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 3.4 ක් වේ.

තවද කන්තලේ, මොරවැව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට භූ කම්පනය දැනී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය පැවසුවේ ය.