බඹර ප්‍රහාරයෙන් මව හා පුතා මරුට

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගිය බව හඟුරන්කෙත පොලිස් වසමෙන් වාර් තා වෙයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 85 ක්වූ රුක්වුඩ්වත්ත, හේවාහැට ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර ඇයත් සමඟම බඹර ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි ඇයගේ 59 හැවිරිදි පුතා ඉකුත් සිකුරාදා (10) බඹර ප්‍රහාරයෙන් ලද තුවාල හේතුවෙන් මිය ගියා.

හඟුරන්කෙත පොලිසි මඟින් දියත් කල විමර්ශනයට අනුව ප්‍රතමයෙන් 85 හැවිරිදි කාන්තාව බඹර ප්‍රහාරයට ලක් වී ඇති අතර තම මව බේරා ගැනීමට යාමේදී 59 හැවිරිදි පුත්‍රයාද බඹර ප්‍රහාරයට ලක්වී තිබේ.