සුබෝධනී වාර්තාව කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැහැ – අධ්‍යාපන ඇමැති දිනේෂ් කියයි

ප‍්‍රශ්නය- ගුරු විදුහල්පති සේවයේ වැටුප් ප‍්‍රශ්නය විසඳීම සඳහා විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර හා ප‍්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන්ගෙන් සැදුම්ලත් කැබිනට් අනුකාරක සභාව විසින් යෝජනා කළ විසඳුම එම පාර්ශ්වයන් විසින් මේ දක්වා පිළිගෙන නැහැ. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – ගුරු – විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම යන කාරණය කලක් තිස්සේ විසඳීලා නැහැ. රිචඞ් පතිරණ මැතිතුමා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේදී තැබූ ඉදිරි පියවරයන් පසුව බලයේ සිටි කිසිදු ආණ්ඩුවකට මෙම ප‍්‍රශ්නය විසඳීමට නොහැකි වී තිබෙනවා. ඒ සඳහා විවිධ කොමිෂන් සභා ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන මගින් එම විෂමතාවයන් ඉවත් කර ගෞරාන්විත ගුරු සේවයක් ඇති කිරීමට අවශ්‍ය විසඳුම් ලබාදෙන බවට ප‍්‍රතිඥාවක් ලබාදීලා තිබෙනවා. ආණ්ඩුව එම ප‍්‍රතිඥාව අනුව මෙම ප‍්‍රශ්නය විසඳීමට තමයි කටයුතු කරමින් සිටියේ. මෙම ප‍්‍රශ්නය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මැතිතුමාත් සාකච්ඡුා කළා. එම සාකච්ඡුාවලින් අනතුරුව තමයි මෙම ප‍්‍රශ්නය විසඳීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කළේ. මෙම ගැටලූව පිළිබඳව වෘත්තීය සමිති සමග වගේම ක්‍ෂේත‍්‍රයේ විද්වතුන් සමගත් සාකච්ඡුා වලින් පසුව අනුකාරක සභාව ඉදිරිපත් කළ අවසාන නිර්දේශයන් කැබිනට් මණ්ඩලය විසින් පසුගිය සඳුදා අනුමත කර තිබෙනවා.

එම නිර්දේශයන් ප‍්‍රතික්ෂේප කරන බව සමහර ගුරු සංගම් ප‍්‍රකාශ කර තිබෙනවා. එම නිර්දේශයන් නිසා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලැබෙන ජයග‍්‍රහණ වලට වඩා වෙනත් හේතු පදනම් කර ගනිමින් එම නිර්දේශ ප‍්‍රතික්ෂේප කර ඇති බව පේන්න තිබෙනවා. නමුත් ගුරුවරුන්ගේ අතිමහත් බහුතරය මෙම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට එකඟතාවයෙන් සිටින බව මෙම අවස්ථාවේදී අපට ප‍්‍රකාශ කරන්න පුළුවන්. මෙම නිර්දේශවල පළමු කොටස මෙම වසරේ නොවැම්බර් මස ඉදිරිපත් කරන 2022 අයවැය මගින් ක‍්‍රියාත්මක කිරීමට මේ වනවිටත් කැබිනට් මණ්ඩලය කටයුතු කරනවා. ගුරු සේවය මෙම වසරේ නොවැම්බර් මාසය අවසන්වීමට පෙර සංවෘත සේවයක් බවට පත් කිරීමටත් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒවගේම අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් සහ පළාත් සභා මට්ටමින් පවතින විසඳා ගත හැකි ගැටලූ රාශියක් විසඳා ගැනීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කිරීමටත් තීරණය කළා. ඒ වගේම වැටුපට අමතරව අතිරේක දීමනාවක් ලෙස මෙම මාස දෙක සඳහා රුපියල් 5 ක මාසික දීමනාවක් ලබාදීමටත් තීරණය කළා. වැටුප් වැඩිවීම ඉදිරි අය – වැය මගින් සිදුකරනු ලබාවි. දැනට පවත්නා වැටුප් විෂමතාව ඒ ආකාරයෙන් කොටස් හතරකින් අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. උතුම් සේවාවක් වූ ගුරු සේවාවේ වැටුප් විෂමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ මෙම ක‍්‍රියාමාර්ග තුළ අන්තර්ගතයි.

ප‍්‍රශ්නය – ආණ්ඩුව විසින් ලබාදීමට සූදානම් වන රුපියල් 5 දීමනාව ප‍්‍රතික්ෂේප කරන බව ගුරු සංගම් කිහිපයක්ම ප‍්‍රකාශ කර තිබෙනවා. එසේ වුවත් එම මුදල ගුරුවරුන්ට ලබාදීමට කටයුතු කරනවාද?

පිළිතුර – අපේ රටේ සිටින ගුරුවරු සහ විදුහල්පතිවරුන් සියලූ දෙනා එම ගුරු සංගම්වලට සීමා වෙලා නෑ. සමහර ගුරු සමිති යම් යම් දේ එපා කියාවි. ඒ අයට එම දී්මනාව අවශ්‍ය නැතිනම් ලබා නොගෙන ඉන්න පුළුවන්.

මේ වනවිටත් අපගේ රට මෙන්ම ලෝකයේ සෙසු රටවලූත් කොවිඞ් වසංගතයට මුහුණ දී සිටිනවා. පළමු කාරණය තමයි මේ රටේ සියලූ වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම. ඊට පසුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතු වනවා. මේ පිළිබඳ අවබෝධයක් තිබෙන රටවැසියන් හැටියට අප කටයුතු කළ යුතු වනවා. අපි ලක්ෂ 45 ක් පමණ වන දරු පරම්පරාව වෙනුවෙන් තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. වගකීමක් ඇති රජයක් ලෙස අපි ප‍්‍රකාශ කරන්නේ ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමයි.

ප‍්‍රශ්නය – සමහර ගුරු සංගම් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ සුබෝධනී කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කරන ලෙස තමයි. එම ඉල්ලීම පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

පිළිතුර – සුබෝධනී කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් එය පිළිගෙන නැහැ. ඒ වගේම මෙම අනුකාරක සභාවත් එම කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට පිළිගෙන නැහැ.

නමුත් එහි මූලික හරය තිබෙන්නේ ශ්‍රේණී ආදී වශයෙන් තිබෙන හරය දිගටම ආපු විෂමතා ප‍්‍රශ්නයක්. එම විෂමතාවය නිවැරදි කරමින් වැටුප් වැඩිවීමක් කිරීමට අවශ්‍ය නිර්දේශ අනුමත කරමින් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා ඉදිරි අයවැයේදී වැටුප් වැඩිකිරීමක් සිද්ධ කිරීමට.

ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශයන් ප‍්‍රතික්ෂේප කරන වෘත්තීය සමිති ප‍්‍රකාශ කරලා තිබෙනවා ඔවුන්ගේ ගැටලූ පිළිබඳව ජනාධිපතිතුමා සහ මුදල් ඇමැතිතුමා සමඟ සාකච්ඡුා කළ යුතු බව.

ඒ සඳහා අවස්ථාවක් හිමිවේවිද?

පිළිතුර – මෙම වෘත්තීය සමිති කැබිනට් අනුකාරක සභාව හමුවේදී කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. එහිදී එම අනුකාරක සභාවේ සාමාජිකයන් කරුණු විමසා ඒ පිළිබඳව සාකච්ඡුා කරලා තිබෙනවා. ඊට වඩා කරුණු ඉදිරිපත් කිරීමට එම සංගම්වලට තිබෙනවා කියා මම විශ්වාස කරන්නේ නැහැ.

ඒ වගේම අපගේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්

රැුස්වූ කැබිනට් මණ්ඩලයේදී තමයි මෙම තීරණ ගෙන තිබෙන්නේ. මුදල් ඇමැතිතුමාත් එම කැබිනට් සාකච්ඡුාවට සහභාගි වූවා. ඇත්ත වශයෙන්ම වාර්තාවේ නිර්දේශයන්ට අන්තර්ගත නොවුණු රුපියල් 5 ත් අතිරේක දීමනාවක් ලෙස ලබාදීමට යෝජනා කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් මුදල් අර්බුද මැද තමයි එම තීරණය ගෙන තිබෙන්නේ.

ප‍්‍රශ්නය – ගුරු විදුහල්පති වර්ජනය මෙහෙයවන සමහර ගුරු සංගම් පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කටයුතු කළ බවටත් එම ගුරු සංගම් මෙම අවස්ථාවේදී ආණ්ඩු විරෝධී අරගලයක නිරත වන බවටත් චෝදනා එල්ලවී තිබෙනවා.

එම චෝදනා පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – ගිය ආණ්ඩු සමයේදී මෙම ගැටලූ විසඳුවේ නැහැ. වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසුව තමයි එතුමා ලබාදුන් ප‍්‍රතිඥාව ක‍්‍රියාත්මක කිරීමට දැන් සූදානම් වන්නේ. අතීතයේදී මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා කමිටු විශාල ප‍්‍රමාණයක් පත් කළ බව අමතක නොකළ යුතුයි. පී. සී. පෙරේරා කොමිටිය, එම්. ජේ. පෙරේරා කොමිටිය, රණසිංහ කොමිටිය ආදී වශයෙන් කොමිටි කිහිපයක්ම තිබුණා. නමුත් ඒ එකක්වත් ක‍්‍රියාත්මක වූයේ නැහැ.

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර විභාගය පැවැත්වුවා. එහි ප‍්‍රතිඵල ලබාදීමට නියමිතව තිබෙනවා. නමුත් එම ප‍්‍රතිඵල ලබාදීමට නොහැකි වී තිබෙන්නේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ නොපවැත්වූ නිසයි. මෙම වර්ජනය නිසා තමයි එම තත්ත්වය ඇතිවී තිබෙන්නේ. එම ළමයින් බලාගෙන සිටිනවා උසස් පෙළ දක්වා ගමන් කිරීමට. නමුත් මෙම වර්ජනය නිසා එම බලාපොරොත්තු ඇනහිට තිබෙනවා. එම නිසා අපි ඉල්ලා සිටිනවා දරුවන්ගේ අනාගතය ගැන හිතලා ගුරු සේවයේ කටයුතු ආරම්භ කරන්න කියලා.

ප‍්‍රශ්නය – ලබාදී තිබෙන විසඳුම් පිළිබඳව ගුරුවරුන්ගේ අතිශය බහුතරයක් සතුටට පත්වී සිටින බව ඔබ සඳහන් කළා. ඒ අනුව ඉදිරියේදී එම ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරාවි කියා ඔබ විශ්වාස කරනවාද?