LPL සටනේ චන්දිමාල් උඩටම එයි

පසුගිය කාලය පුරා විටින් විට කණ්ඩායමෙ ස්ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්ට මෙවර එල්පීඑල් තරගාවලියේ එක දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීමත් සමග ඔහු සමස්ත තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත් විය
කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිම් කිහිපයක් දියත් කළ චන්දිමාල් තරග අටකදී අර්ධ ශතකයක් සමග මුළු ලකුණු 275 ක් ලබා ඇති අතර ඔහු ඉනිමක සාමාන්‍ය 5500 ක් වැනි ඉහළ අගයක්ව පවතී චන්දිමාල්ගේ පිතිකරණයේ ප්‍රහාරාත්මක වේගය 15193 කි හයේ පහර 11 ක් සහ හතරේ පහර 22 ක් ඔහු පළමු තරග අට තුළදී එල්ල කර තිබේ
පිතිකරුවන් ලැයිස්තුවේ වෙැනි තැනට පත්ව සිටින සල්ට් තරග අටකදී ලකුණු 247 ක්ද තෙවැනි තැනට පත්ව සිටින කැඩ්fා්ර් ලකුණු 220 ක්ද ලබා සිටියි පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ගාල්ල නියෝජනය කරන සමිත් පටෙල් සමත්ව ඇති අතර ඔහු තරග අටකදී කඩුලු 15 ක්ද දෙවැනි තැන ගෙන සිටින යාපනය කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ කඩුලු 13 ක්ද ලබා තිබේ