කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ තවත් 196කට කොරෝනා

කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්තාපන කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයන් 196 දෙනකු ඊයේ (09 වැනිදා) හඳුනාගෙන තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී කලින් හඳුනාගත් 56 දෙනා ඇතුළුව අදාළ පුනරුත්තාපන කඳවුරේ සිට මේ වන විට කොරෝනා ආසාදිතයන් 252 දෙනකු හඳුනාගෙන තිබේ.