පෞද්ගලික බස්රථ වලට ලංගම යෙන් ඩීසල්

තවමත් නිසි විසඳුමක් නොලැබුණ ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට පෞද්ගලික බස්රථ සේවයද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටී. ඒ අනුව ඊට මුහුණ පා සිටින මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ඩීසල් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.
පළමු අදියර ලෙස ලංගම ඩිපෝ 45කින් පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිත අතර අද (05) පෙරවරුවේ සිට එම වැඩසටහන ආරම්භ වීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.