ජී.එල්. මුදල් ඇමැති ලෙස වැඩ බලයි

පාර්ලිමේන්තුව මාසයකට වැඩි කාලයක් නිවාඩු ලබාදීම හේතුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමෙන් හිස්වූ මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කරනු ලැබ තිබේ.