ගෑස් සිලින්ඩර්වලින් මාර්ගය වසා විරෝධතා…

නාගොඩ ගෑස් පෝලිමේ උරන වූ පාරිභෝගිකයන් කළුතර – මතුගම මාර්ගය  ගෑස් සිලින්ඩර දමා නාගොඩ ප‍්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන ලදී.

එදින අලූයම සිට නාගොඩ සෙන්ට‍්‍රල් හන්දියේ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානය ඉදිරිපිට රැඳී සිටි ජනතාව ගෑස් නොලැබෙන බටව උරන වී තමන් රැගෙන ආ හිස් ගෑස් සිලින්ඩර මාර්ගයේ පෙළට තබා මාර්ගය හරස් කරනු ලැබීය.

මාර්ගය වසා දැමීමත් සමගින් විනාඩි විස්සකට අධික කාලයක් කළුතර දෙසට සහ මතුගම දෙසට දැඩි වාහන තදබදයක් ඇති විය.

සිද්ධිය සැලවීමත් සමගින් කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් ස්ථානයට පැමිණ පාරිභෝගිකයන් සමග සාකච්ඡුා කොට වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන ලදී.

කෙසේ වෙතත් ගෑස් ස්ථිර වශයෙන්ම නොලැබෙන බව සැලවීමත් සමගින් පාරිභෝගිකයන් හිස් සිලින්ඩර රැගෙන නැවත නිවෙස් කරා යන අයුරු දැකගත හැකි විය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම