සීනි මිලට ගැසට් නිවේදනයක්

සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80 ක්ද සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක්ද පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90ක්ද ලෙසින් නියම කිරීමට නියමිතය.