බස්නාහිර පාසල්වල 11 ශ්‍රේණි 25 සිට අරඹනවා – ඇමැති ජී.එල්. කියයි

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර එම පළාතේ සෙසු ප්‍රදේශවල පාසල්වල 11 වැනි ශ්‍රේණියේ පන්ති මෙම මස 25 වැනිදා (සඳුදා) ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසයි. ඒ අනුව සෙසු පළාත්වල සියලු‍ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා වන සියලු‍ම ශ්‍රේණි ලබන 11 වැනිදා සෞඛ්‍ය විධිවිධානයන්ට යටත්ව විවෘත කෙරෙන බවද ඇමැතිවරයා පැවසීය.