අපේ ආණ්ඩුවකට ඩොලර් ලැබෙනවා – හඳුන්නෙත්ති කියයි

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ පළමු ඩොලර් මිලියනය කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ලබාදෙන්නට පොරොන්දු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

එම මුදල වසර හතරක් යනතුරු ආපසු ගෙවීමක් අවශ්‍ය නැති බවත් වසර හතරකින් ආපසු ගැනීමේදී පොලියක් බලාපොරොත්තු නොවන බවත් එම පුද්ගලයා පැවසූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ ඒ ආකාරයෙන් ඩොලර් ලබාදී උදව් කිරීමට ලොව පුරා විදේශගත ශ්‍රී ලාංකිකයන් රැසක් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.